පිටු

Friday, March 27, 2015

දැන් ඉතින්




දැන් ඉතින් ඔක්කෝම හරි
ඔබ හිතනවත් ඇති

ගඟ දිය නිසංසලේ
සයුරු මඟ ගත්තාට
ගඟ පත්ල කැකෑරෙන දිය සුළි
නැතැයි සිතනුයේ කොහොම

වියෝ වේදනාවෙන්
සසැලෙන
ගං දෑලවර තුරුලිය
මුදාහළ පැතුම් පෙති
ගඟ දියට කොතරම් බරද
සිතන්නටවත් හැකිද

නිසංසලේ සයුරු මඟ ගත්තාට
පියෙද්රා ගඟ සේම
රොන් මඩ සමඟ කැලතුණු
අපමණක් පැතුම් පොදි
ගං පත්ළ සැඟව ඇති


දැන් ඉතින් ඔක්කෝම
හරි කියා ඔබ සිතුවාට


( දිනමිණ 2015.03.17 වසත් සුළඟ කවි පිටුව) 

10 comments:

  1. අපි එහෙම හිතන හුඟක් දේවල් එහෙම නෙමෙයි කියලා දැනෙන්නේ ටිකක් දවස් ගියාමයි..

    ReplyDelete
  2. දැන් ඉතින් ඔක්කෝම හරි
    ඔබ හිතනවත් ඇති.......

    මේකට නම් ඇඩෙනවා...

    ReplyDelete
  3. පිස්සු පීකුදු කීවලු
    පට්ටයි අක්කෝ
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
  4. තරූ අක්ක ගැන අහල තිබුනට කියවන්න ලැබිල නැද්ද කොහෙද...
    නියමයි..ජයෙන් ජයම වේවා!!
    ඔන්න මං රෝලට දාගත්තා...

    ReplyDelete
  5. කවි පෙළ ලස්සනයි තරු...

    ReplyDelete
    Replies
    1. සහන් දකින්න ලැබීමත් සතුටක්!

      Delete
    2. ඒකනේ සහන්ව දැක්ක කල්.. දැන් ලියන්නෙත් නැහැ නේද? සතුටුයි මේ පැත්තෙ ආවට..

      Delete
    3. මන් මේ පෝස්ට් එකක් ලියන ගමන් තමයි අනික් බ්ලොග් ටික(ඒකෙනුත් බැලුවේ කවි බ්ලොග් විතරයි.. ) බැලුවේ මනෝජ් සහ තරු ... මනෝජ්ට මතක ඇති මන් දෙයක් කියනවද නොකියනවද කියලා හිත හිත හිටියා ඉස්සර ඉඳන්... ( drakiyagen අහන්න...එයාට කිව්වා විස්තරේ ... ) ඒ පෝස්ට් එකෙන් හම්බෙමු....

      Delete
  6. දැන් ඉතින් ඔක්කෝම හරි කියා සිතුවාට
    මුකුත් හරි ගිහින් නැහැ ආයෙමත් හැරිලා බැලුවාම
    ඒ වුණත් ආයෙමත් හැරෙන්න බැහැ ආපස්සට
    දැන් ඉතින් හරි කියා ඉදිරියටම යනු මිසක.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...