පිටු

Wednesday, March 14, 2012

ආයුබෝවන් 2012



Add caption

ආයුබෝවන් 2012

සුබ නව වසරකි ලෝකය අබියස
රත් වූ ගෝලය භූමිය පුපුරණ
කැළඹුණ වායුව කුණාටු විසුරණ
කකියන රුධිරය කැරලි බිහි කරන
සුබ නව වසරකි ලෝකය අබියස
මිනිසා විසින්ම මිනිසා පරදන......

( දෙසැම්බර් 31 රෑ 12 ට මල් ටිකක්, පහනක් ජේසු ළග පූජා කරල නව වසරට ආසිරි පතන එක මගේ පුරුද්දක් වෙලා තිබුණා.... 31 රෑ නැත්නම් ජනවාරි පළවෙනිදා උදේ පූජාවකට සහභාගි උණා අනිවාර්යයෙන්ම.. ඒත් මේ සැරේ මම ඒ කිසි දෙයක් කළේ නැහැ... හරිම උදාසීන ගතියක් දැණුනා... දුරුතු මහේ මුල්ම දවසෙ ගියේ ලොකු ආච්චිගෙ මළගමට...... පුංචි කාලෙ ඉන්ම ලොකු ආච්චිට මම ගොඩාක් ආදරේ කළ නිසා....

2012 නව වසර සොබාදහම, සාරධර්ම, ජීවිත සංතුෂ්ටිය මේ හැම දෙයක් එක්කම බලද්දි සුබදායක වේවි කියල හිතන්න නම් අමාරුයි... ඒත් මගේ හිතේ අධිෂ්ඨානයක් තියෙනවා හැකි උපරිම විදියට මේ නව වසරෙදි ඒ හැම දෙයක්ම රැකගන්න කැපවෙන්න.... )

3 comments:

  1. ඇත්තටම මටත් දුකයි ඔබට අළුත් අවුරුද්ද පටන් ගන්නකොටම සිද්ධවෙච්ච කරදරය ගැන. ඔහොම තමා ජීවිතය.

    අපි කරනවා කියලා හිතට ගත්ත දේවල් කොහොම හරි ඉටු කරගන්න අධිෂ්ඨාන කරගන්න ඕනි. ඉටු වෙන නොවෙන එක වෙනම දෙයක් ඉස්සෙල්ලා උත්සාහ කරන්න එපෑයැ.

    ඔබගේ අධිෂ්ඨානය සඵල වේවා !

    ReplyDelete
  2. මාර්තු 13නෙ අවුරුදු පටන් අරන් තියෙන්නෙ..

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...